SUṆĀTHA · DHĀRETHA · CARĀTHA DHAMME

අපේ සම්ප්‍රදාය

“වැල්ලවාය නගර අසල පිහිටි, පරියත්ති, පටිපත්ති සහ පටිවේධ ශාසනය සුරැකීමට කැප වූ අභය භූමියකි.”

The serene grounds of Dharma Pradeepa Monastery
අප සිටින තැන

පිහිටීම

ධර්මප්‍රදීප ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙරයාය ග්‍රාමසේවා වසමේ නිහඬ පරිසරයක පිහිටා ඇත.

පැමිණීමට සැලසුම් කරන්න →
Monks of Dharma Pradeepa Monastery
2018 සිට

ආරම්භය…

2018.04.29 දින සත්ගුණවත් පොඩිසිඤ්ඤො උපාසක මහතා සහ පවුලේ දූ දරුවන් එකතු වී බුද්ධශාසනයේ චිරස්ථිතිය පිණිස මහත් ශ්‍රද්ධාවෙන් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම මහසඟරුවන උදෙසා පූජා කරන ලදී. එතැන් පටන් ත්‍රිපිටකාචාර්‍ය, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්‍ය අති පූජ්‍ය ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේලා විසිනමකට හා දෙස් විදෙස් ගිහි සුපින්වතුන් පනසකට පමණ නේවාසිකව විදසුන් වැඩීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලදී.


ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධිත ආරණ්‍ය සේනාසනයක් වශයෙන් මෙම සෙනසුන කටයුතු කරනු ලබන අතර ආරම්භයේ පටන් අද දක්වා උන්වහන්සේගේ මූලිකත්වයෙන් හා අනුශාසකත්වයෙන් ශාසනික කටයුතු කරනු ලබයි. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් ඇතුළු දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලා 20 නමක් පමණ භාවනානුයෝගීව සහ නොයෙක් අයුරින් ශාසනික සේවාවන් ඉටුකරමින් වැඩ සිටිති.

අති පූජ්‍ය ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේප්‍රධාන අනුශාසක · ත්‍රිපිටකාචාර්‍ය, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්‍ය
අති පූජ්‍ය රත්නපුරේ කෝවිද ස්වාමීන් වහන්සේරාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, කම්මට්ඨානාචාර්‍ය
අති පූජ්‍ය ඇල්ලේගම පඤ්ඤාජීව ස්වාමීන් වහන්සේත්‍රිපිටකාචාර්‍ය
Meditation at Dharma Pradeepa Monastery
විපස්සනා

භාවනා සම්ප්‍රදාය

බුදුරජාණන් වහන්සේ විසින් ලොවට දායාද කොට වදාළ ශුද්ධ විපස්සනා භාවනා ක්‍රමය බුරුමයේ වැඩ සිටි ලේඩි සයාඩෝ මහරහතන් වහන්සේ විසින් අනුගමනය කොට තම ශිෂ්‍යන්ට ද පෙන්වා දුන්නේ ය. මෙම භාවනා සම්ප්‍රදාය උන්වහන්සේගෙන් සයාජී තෙත් ගුරුතුමාට ද එතුමාගෙන් තම ශිෂ්‍ය සයාජී ඌ බා කිං ගුරුතුමාට ද එතුමාගේ ශිෂ්‍ය විපස්සනාචාර්‍ය S.N. ගොඑන්කා තුමාට ද පරපුරෙන් පරපුරට ලැබිණ. මෙහි වටිනාකම ලොවටම පෙන්වා දෙමින් විපස්සනාචාර්‍ය S.N. ගොඑන්කා තුමා මුළු ලොව පුරාම මෙම ක්‍රමය ප්‍රචලිත කළේය. අප ආරණ්‍ය සේනාසනය තුල ද මෙම ක්‍රමය අනුගමනය කරනු ලබයි.

පාඨමාලාවකට එක්වන්න
  1. බුදුරජාණන් වහන්සේ
  2. ලේඩි සයාඩෝ
  3. සයාජී තෙත්
  4. සයාජී ඌ බා කිං
  5. එස්.එන්. ගොඑන්කා